කිමද සඳ නුඹ..


සඳට පෙම් කලේ කිමෙකදැයි තරු..
ගව් දුරක් බව දැන දැනත්...
නුඹට පෙම් කලේ කිමෙකදැයි මා..
හඬන්නට වන බව දැන දැනත්..

අහසේ තරු වැල් කඩා වැටුනද.....
කිමද සඳු හට නොසරදම්....
කඳුළු මා නෙතු හඬා වටූනද......
නොවෙද ඔබ හට එක් බිඳක්..

සඳුට තරු හා එක්ව ඉන්නට.....
දිනක් නැති ලොව එක් රැයක්..
ඔබද මා හා ලන්ව ඉන්නට......
ඉඩක් නැතිවෙද යලි වරක්...

තරුට සඳු නැති රැයේ අරුමය....
සඳ සිතට නොදැනෙද තවත්..
කිමෙක නොපතමු ලබන සසරෙදි..
තරුට සඳු හිමි ලෝකයක්.෴

.........untitled........


අමුතු හැගුමකි සිත වෙලන්නේ, නුපුරුදු නැත ඒ අඳුරු වළා පට
මාවතක් නැත පියමනින්නට, දෛවයේ සරදම් කිමෙයි තව
ආශාවෙන් සිත හැපි වෙලෙද්දි, මිරිගුව අබියස හඬන හැගුම් මන
රුවන් තල මත සරයි ගිලන් සිත, අහස් ගැබ නැත අයිති කිසිත් අත 




අවසන් කව..

අදත් මං කවුලුව අද්දර
කවක් ලියාගෙන
බලාගෙන උන්නා....
දෑසේ
කඳුලු වැල් ගංඟා
නෙතු පියන් තුලම හංගා
ඇසිපිය මා නොසැල උන්නා....
හිත මිතුරු තනි කමත්, පාළුවත්
මා හැර නොයන්නේ
කිමද මන්ඳා....
සොඳුරිය,
"නුඹ් යලිත් එන්නේ කවදාද.......?"       යැයි,
සිතමින්......
මගේ සිත
අදත් ඉකි බින්ඳා෴


ගිම්හානයේ වසන්තය

ගිමන් කල නිම වසන්ත්ය වී............
          කුමරියනි හද කුමුදු විලට වැඩි
කිමෙක අවසර ලැබුවදැයි නුඹ........
         පරව යන්නට හද අරණින් යලි

                       වසන්තය නොම නිකම යන්නට.......
                                  දිවි හිමෙන් ගැයු ගීය මා පෙම්
                      මටත් හොරා දුක තියා ගියේ කිම.......
                                 ඇයිද  සොදුරිය නොපවසනු අද

 මල් පිපී දිවි එලිය කෙරුමට.......
        නුඹේ පහස විල දියට දීමට
 වසන්තය වී පිපුනෙ ගිම් කල........
       මඟ වරදිලා බව වැටහුනිද සඳ

මල් මිටක්.


මිහිරි සුව කැන්ඳන්න,
සිනහා මුව පුබුදන්න,
නෙත් කඳුළු පිසලන්න,
ස්නේහයෙන් සනහන්න....


පාළුවක් නොදැනෙන්න,
හිස අතින් පිරිමදින....
අඩු වැඩිය පුරවන්න,
කෙනෙක් නැත නුඹ් වැන්න...


ජීවිතය කියා දෙන්න
යතාර්ථය පහදන්න
මගෙ ලඟින් තව ඉන්න
තරහ කිසිදා නොවන්න...


උතුම් ධම් පොදි බැන්ඳ,
දෙව් දුවකි ඇය වැන්න...
මල් මිටක් අත ඔන්න,
මිතුරියේ පිළිගන්න.........:) :)

මල් කුමරි


මලට වඩින විහඟුන් කැල මුමුණන්නෙ හිමිදිරියද
නිහඬ විලේ පූදින මල් හඟවන්නේ වසන්තයද
වීණාවේ සප්ත ස්වර අමුණන්නේ නව ගීයද
නොදඩා යන නීල දෙනෙත පවසන්නේ ආදරද....

නුරා බැලුම් සිනා කැලුම් මෝහනයෙන් සිත් බන්ඳා
සුරඟ රැගුම් මහද පියුම් නුරාගයෙන් පූදන්නා
නුඹේ නමින් පෙම් මාලිග තනනෙමි මා සිත් රන්ඳා
සුසුම් හෙලම් ප්‍රේම දැහන හැකිවෙද මට යනු කැන්දා..

ගිම්හානේ පුදින මල් ඉමිහිරි ඇයි දැයි මෙතරම්
පාළු හිතේ පෙම් හැගුමන් අකීකරුද යැයි කෙතරම්
තුසිත විලේ පෙම් කුසුමන් නෙලුමට මට වෙද තහනම්
නෙලා දියන් මලක් ළඳේ එය වෙද නුඹේ පෙම අවමන්...


Welcome to the blog.

එන්න...  අවිත්  කොපි කරගන්න.............

අවසන් කව..

අදත් මං කවුලුව අද්දර
කවක් ලියාගෙන
බලාගෙන උන්නා....
දෑසේ
කඳුලු වැල් ගංඟා
නෙතු පියන් තුලම හංගා
ඇසිපිය මා නොසැල උන්නා....
හිත මිතුරු තනි කමත්, පාළුවත්
මා හැර නොයන්නේ
කිමද මන්ඳා....
සොඳුරිය,
"නුඹ් යලිත් එන්නේ කවදාද.......?"       යැයි,
සිතමින්......
මගේ සිත
අදත් ඉකි බින්ඳා෴


Search This Blog

සිතුවිලි පවුර

ඔන්න මං ගැන

හොදම ටික

Powered by Blogger.

About this blog

Audio Player

Waqar's Blog