මල් කුමරි


මලට වඩින විහඟුන් කැල මුමුණන්නෙ හිමිදිරියද
නිහඬ විලේ පූදින මල් හඟවන්නේ වසන්තයද
වීණාවේ සප්ත ස්වර අමුණන්නේ නව ගීයද
නොදඩා යන නීල දෙනෙත පවසන්නේ ආදරද....

නුරා බැලුම් සිනා කැලුම් මෝහනයෙන් සිත් බන්ඳා
සුරඟ රැගුම් මහද පියුම් නුරාගයෙන් පූදන්නා
නුඹේ නමින් පෙම් මාලිග තනනෙමි මා සිත් රන්ඳා
සුසුම් හෙලම් ප්‍රේම දැහන හැකිවෙද මට යනු කැන්දා..

ගිම්හානේ පුදින මල් ඉමිහිරි ඇයි දැයි මෙතරම්
පාළු හිතේ පෙම් හැගුමන් අකීකරුද යැයි කෙතරම්
තුසිත විලේ පෙම් කුසුමන් නෙලුමට මට වෙද තහනම්
නෙලා දියන් මලක් ළඳේ එය වෙද නුඹේ පෙම අවමන්...


0 comments:

Post a Comment

හිතට දැනුන දේ මෙතනින් තියල යන්න.....

Search This Blog